නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය හෙට සිට යළි වැඩ විදුලි කප්පාදුවත් ඉවරයි?

0
700

නොරොච්චෝල තාප බලාගාරයේ දැනට අක්‍රිය වී තිබෙන ජනන යන්ත්‍ර තුනෙන් පළමු ජනන යන්ත්‍රය හෙට (20 දා) වන විට යළි ක්‍රියාත්මක කළ හැකි බැවින් ඒ අනුව දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව නතර කළ හැකි බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ විදුලි උත්පාද ධාරිතාව මෙගාවොට්‌ නවසියයක්‌ (900ඵඋ) වන අතර හෙට බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ක්‍රියාත්මක වීමෙන් පසු මෙගාවොට්‌ තුන්සියයක (300ඵඋ) විදුලි ධාරිතාවක්‌ ජාතික විදුලිබල පද්ධතියට එක්‌වෙනු ඇත.

මෙම 23 දා වන විට නොරොච්චෝල බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය ද ක්‍රියාත්මක කළ හැකි බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here