Monday, May 6, 2024

සිල් සමාදන් වී ආපසු පැමිණෙමින් සිටි බසයේදී මවටයි දුවටයි අතවර

පසළොස්‌වක පෝය දින කතරගම සිල් සමාදන් වීමට ගොස්‌ කතරගම සිට අම්බලන්ගොඩ දක්‌වා ගමන් කරන පෞද්ගලික බස්‌ රථයෙන් ආපසු පැමිණෙමින් සිටි 40 හැවිරිදි මවකට හා ඇයගේ 11 හැවිරිදි දියණියට ලිංගික අතවර සිදුකළ 43 හැවිරිදි එක්‌දරු පියෙකු ප්‍රකෝප වූ කාන්තාවන් ඇතුළු මගීන් විසින් ග්‍රහණයට ගෙන (15 දා) රාත්‍රි 11.30 ට පමණ දික්‌වැල්ල පොලිසියට භාරදී ඇතැයි පොලිසිය කියයි.

මෙම මව පියා හා දියණිය සෑම පෝය දිනකම සිල් සමාදන් වීම සඳහා කතරගම යන බව පවසන පොලිසිය බස්‌ රථයේ පසුපස අසුනේ සිටි මෙම පුද්ගලයා ළඟ අසුන් ගෙන සිටින විට පළමුව මවට අතවර සිදුකර ඇත. එවිට මව නැගිට කුඩා ළමයකු නිසා දියණියට අතවර නොකරනු ඇතැයි සිතා ඇයට අසුන් ගන්නට කියා තිබේ. එවිට මෙම පුද්ගලයා කුඩා දියණියටද අතවර කිරීම නිසා ප්‍රකෝප වූ මගීන් මොහු අල්ලා පොලිසියට භාරදී තිබේ. අතවරය සිදුවන අවස්‌ථාවේ පියා ඉදිරි අසුනක සිට ඇත.

තංගල්ල තලගම, මුස්‌ලිම් වීදිය ප්‍රදේශයේ පදිංචි සැකකරු (16 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දික්‌වැල්ල වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඒ. ජී. ධම්මික මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (8867) ගංගා, පොලිස්‌ සැරයන් (55911) ජයසිංහ, (13984) රත්නායක, පොලිස්‌ කොස්‌තාපල් (55981) සිසිර යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles