නොවැම්බර් 01 සිට පොදු ප්‍රවාහන සේවා වලට සිදු වන දේ

0
362

නොවැම්බර් පළමු වැනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද (28) පෙරවරුවේ මහනුවර දී මාධ්‍ය වෙත සඳහන් කළේය.

සිසුසැරිය බස් රථ අවශ්‍ය නොවන්නේ නම් ඒ පිළිබඳ ඩිපෝ බලධාරීන් වෙත දැනුම්දීමටද පාසල් ප්‍රධානීන්ට අවස්ථාව පවතින බව ද හෙතෙම පැවසීය.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමට අවසර ලබා දීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් කොවිඩ් කමීටුවත් සමඟ සාකච්ඡා කර එ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here