පකිස්තානයේත් දරුණු ගෑස් හිගයක්.

0
352

පකිස්තානයේත් දරුණු ගෑස් හිගයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගෟහස්ථ මෙන්ම කාර්මික ගෑස් පරිභෝජනයටද බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බව එරට වාර්තා සදහන් කරයි.

ලෝක වෙළෙද පළේ ගෑස් මිල ඉහළයාම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 12 ත් 13 ත් අතර පැවති ගෑස් ආනයන වියදම මේ වන විට වාර්ෂික ඩොලර් බිලියන 20 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් වේ.

පකිස්තාන මුදල් අමාත්‍ය ෂාකුට් ටරීන් සදහන් කර ඇත්තේ ගෑස් හිගය පාලනය සදහා ආණ්ඩුව ගෑස් ආනයනය කිරීම සිදුකළ යුතු වුවත් එය සිදුකිරීමට තම රජය තවමත් අපොහොසත් වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here