පකිස්තාන හමුදාවට ප්‍රහාරයක්.

0
291

පකිස්තානයේ උතුරැ වසිරිස්තාන ප්‍රාන්තයේ අලි ටෙහ්සිල් ප්‍රදේශයේ දී මුර සංචාරයේ නිරත හමුදා භට පිරිසක් වෙත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට වාර්තා සදහන් කළේ, මෙහිදී හමුදා සෙබලුන් තිදෙනෙකු සහ සාමාන්‍ය වැසියෙකු මියගොස් ඇති බවයි.

හමුදා සාමාජිකයන් රැගත් රථය ගමන්ගත් මාර්ගයේ අටවා තිබූ බෝම්බයක් දුරස්ථ පාලකයක් මගින් පුපුරැවා හැර ඇති බව එරට වාර්තා සදහන් කර තිබේ.

ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැති බවත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පකිස්තාන ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here