පඩි ගෙවන්න සල්ලි නෑ.රූපවාහිනියත් බංකොලොත්. භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි

0
419

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.

පසුගිය පෙබරවාරි මාසේ සිට ලබන ජුලි මාසය දක්වා වියදම් පියවා ගැනීමට එම මුදල ඉල්ලා ඇත.සංස්ථාවේ ආදායම පහත වැටීම නිසා වැටුප් ගෙවීම හා වෙනත් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නැති බවද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

සංස්ථාවේ ආදායම පහත වැටීම හේතුවෙන් ලැබෙන ආදායමෙන් වැටුප් ගෙවීම හා අත්‍යවශ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී තිබෙන්නේ .

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වන බව වාර්තා වන අතර මෙතෙක් කලක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මාසිකව හිමිවූ රුපියල් කෝටි තුනහමාරක පමණ ආදායම අහිමි වීම ද ඒ වෙනසට බලපා ඇතැයි ද පැවසෙනවා.

රූපවාහිනී සංස්ථාවේ 862ක් පමණ සේවක සංඛ්‍යවට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් කෝටි නවයක පමණ මුදලක් වැයවන බවයි කියන්නේ.

ජනවාරි මාසයේ සිට රුපියල් 5000 ක අමතර දීමනාවත් ගෙවීම හේතුවෙන් මාසිකව තවත් ලක්ෂ 50ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවූ බව සංස්ථාව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here