පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්න

0
296

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට  අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පීත්ත පටිය කපමින් රාජපුර ආයුර්වේද රෝහල විවෘත කළ අතර අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

බෝ නොවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර කරනු ලබන මොණරාගල රාජපුර ආයුර්වේද රෝහල, රෝගීන්  හතළිස් දෙනෙකුට එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම්වලින් සමන්විතය.

බෞද්ධ ස්වාමීන්වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ට මෙම රෝහලේ බාහිර හා නේවාසික ප්‍රතිකාර මුළුමනින්ම නොමිලේ සැපයෙනු ඇත.

රෝහල විවෘත කරන අවස්ථාවට වැල්ලවාය සිරි පියරතන විද්‍යාතනයේ විහාරාධිපති කන්දඋඩ පංගුවේ සුධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here