Sunday, April 28, 2024

ප්‍රමාණවත් පරිදි එන්නත් ගෙන්වන්න ජනාධිපතිතුමා පෞද්ගලිකවම මැදිහත් වෙලා තියෙනවා – නාමල්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදු කිරීම 02 දින ආරම්භ වූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ මත වයස අවුරුදු 30ට වැඩි ජනතාව වෙනුවෙන් සිදුකරගෙන යනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට ඉතාමත් ම සාර්ථක අන්දමින් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

ඉදිරි කාලයේදී රට විවෘත කළ පසු ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම හා ජාතික ආර්ථිකයට ශක්තියක් වන තරුණ ප්‍රජාව එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව මූලික කර අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙරට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව එන්තත්කරණය කිරීම සදහා අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව,  සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය අංශ, කොවිඩ් කාර්ය සාධන බලකාය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා විසිරී සිටින වයස අවු. 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදුකෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෞවන සමාජ හා සම්මේලන මධ්‍යස්ථාන 03 ක් කේන්ද්‍රකරගනිමින් ආරම්භ  වූ එන්නත්කරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා එක්විය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles