Sunday, September 22, 2024

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් හදන ව්‍යාපෘතියට වුණ දේ නාමල් කියයි

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිම හා ග්‍රාමීය ප්‍රදේශවල කායවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හි‍ටුවූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව්දී ඊයේ (7) ප්‍රකාශ කළේය.

ඇවිදින මංතීරු ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ජාතික සැලැස්මක් ඉදිරිපත් කර තිබූ බවත් ප්‍රශ්නගත ස්ථානවල මංතීරු ඉදිකිරීම සම්බන්ධයෙන් පරික්ෂා කර එම මංතීරු ඉදිකිරීමෙන් හානියක් සිදුවන්නේදැයි සොයා බලන තෙක් මෙම ව්‍යාපෘති නතර කළ බවද ඇමැතිවරයා පැවසීය. ඇවිදින මංතීරු ඇතිකිරීම සඳහා ජාතික සැලැස්මක් අවශ්‍ය නොවූවද එවැනි මංතීරු ඇතිකිරීමේදී එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ග්‍රාමීය මට්ටමින් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවිම සඳහා සැලසුම් කර තිබුණද පවතින කොවිට් වසංගත තත්තත්වය යටතේ එම ව්‍යාපෘති ඉදිකිරීමද කතාවකාලිකව අත්හිටුවූ බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

එම ව්‍යාපෘති 2023 වසරේදී ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇති බවද හෙතෙම පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles