Thursday, January 9, 2025

පවතින ගෑස් හිඟය ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම් දීමක්

මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එසේම තවත් දින 04 කින් පවතින ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන බව එම සමාගම පවසා සිටිනවා.

මේ වන විට දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 120,000 ක් ලෙස එම සමාගම පෙන්වා දෙනවා.

බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ගෑස් ලබාගැනීම සඳහා දැනට පවතින පෝළිම් හෙට (25) උදෑසන වන විට අවසන් වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු හා හෝටල් සඳහා ද ගෑස් ලබාදීමේදී ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙනවා.

ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර සිලින්ඩරයකින් රුපියල් 1500 ක පමණ පාඩුවක් ලබන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

ලාෆ් සමාගම විසින් නිකුත්කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199ක් දක්වා මිල ඉහළ දැමීමට තීරණය කරනු ලැබීය.

එමෙන්ම එම සමාගම විසින් නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680දක්වා මිල ඉහළ දමා ඇති බවයි ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේය.

කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672ක් ලෙස දැක්වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles