පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු මස 19 දින තෙක් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

0
485

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ලබන වසරේ (2023) මාර්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19 වන දින දක්වා දීර්ඝ කෙරේ.

මෙහිදී නගර සභා 41 ක, මහ නගර සභා 24 ක සහ ප්‍රාදේශීය සභා 275 ක සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ වෙයි.

මෙම නව සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here