Monday, September 23, 2024

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට යෝජනා

මැතිවරණ, මැතිවරණ ව්‍යුහය සහ රීති වල සංශෝධන හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු ඉදිරිපත් කළේ මහජන එක්සත් පෙරමුණ, ඊපීඩීපී සහ දේශ විමුක්ති ජනතා පක්ෂය විසින් බව සභානායක කාර්යාලය සඳහන් කළේය. අදාළ රැස්වීම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඊයේ දිනයේදී මෙම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනා කර තිබූ බව පාර්ලිමේන්තු සභානායක කාර්යාලය සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පාර්ශවයන් ඊයේ අදාළ කමිටුව හමුවේ පෙනී නොසිටි අතර අද පැමිණ මෙරට මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය පැහැදිලි කිරීමට නියමිතයි.

එහිදී යෝජනා වී තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles