Monday, September 23, 2024

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයකට බාධා කිරීමට පොලිසියට අයිතියක් නෑ – මැතිවණ කොමිෂන් සභාව

සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින් කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් එම කොමිෂන් සභාව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වෙත එම ලිපිය යවා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකයන් අත්අඩංගුවට ගන්නා බවත් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට පොලිසිය නිතර නිතර බාධා හිරිහැර කරන බවටත් සඳහන් කරමින් එම පක්ෂය ඉකුත් අගෝස්තු මස 16 වැනි දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles