ප්‍රදේශ කිහිපයකටම මිලි මීටර 100ට වැඩි තද වැසි

0
313

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර 100වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය ඉදිරිපැය කිහිපය තුළ තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ නිවේදයේ දැක්වෙන්නේ.

බස්නාහිර / සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කනවල මිලි මීටර 100වැඩි තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here