පානදුර නගරයම බිය වැද්දූ අද සිදුවූ වෙඩි තැබීම

0
309

පානදුර කේතුමතී රෝහල ඉදිරිපිටදී අද (27) උදෑසන නාඳුනන පිරිසක් ගිලන් රථ රියදුරකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති අතර ගිලන් රථ රියදුරට හානියක් වී නැතැයිද පොලීසිය සඳහන් කරයි .

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු ගිලන් රථ රියැදුරුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පැවසීය.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයි ද පොලිසිය ප්‍රකාශ කර ඇත.

පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර හෙරොයින් මත්කුඩු කිලෝ 45ක් යුද්ධ හමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දීම වෙඩි තැබීමට ආසන්නතම හේතුව බවට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ වැටී තිබුණු ජීව උණ්ඩයක් ද සොයා ගත් බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here