Friday, April 26, 2024

අපට වඩා ගුරුවරුන්ට ඉහළ පඩි වැඩිවීමක්. – විදුහල්පතිවරුන් යළි වර්ජනයකට!

ජනවාරි 28 වනදා දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට විදුහල්පති සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් පසුගිය 05 වනදා නිකුත් කළ චක්‍රලේඛයෙන් නව වැටුප් විෂමතාවයක් හටගෙන ඇති බවට චෝදනා කරමිනි.

එකම දිනයෙහි පත්වීම් ලැබූ, සමාන සුදුසුකම් ඇති ගුරු සේවයේ නියුතු නිලධාරීන්ට එම චක්‍රලේඛය මගින් විදුහල්පති සේවයේ නිලධාරීන්ට වඩා වැඩි වැටුප් වැඩිවීමක් ලැබී ඇති බවයි විදුහල්පති සමිති සන්ධානය පවසන්නේ.

ඒ අනුව එම වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලා ඔවුන් යළි වැඩවර්ජනයක නිරත වීමට නියමිත ය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව පසුගිය වසරේදී මාස තුනක පමණ කාලයක් තිස්සේ දීර්ඝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර වැටුප් විෂමතා ඉවත්කරමින් වැටුප් වැඩිකිරීමේ නව චක්‍රලේඛය නිකුත් කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles