පාන් පිටි මිල ලබන සතියේ බහී…

0
305

එළඹෙන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිල රුපියල් 250ක් දක්වා පහත හෙලීමට අපේක්ෂා කරන බවය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිඟු පිටි මෙරටට ලැබීමට නියමිත බවය.

එසේම මේ වනවිටත් තිරිඟු පිටි කන්ටේනර් 100කට පමණ ආසන්න ප්‍රමාණයක් කොළඹ වරාය වෙත ගොඩබෑම මේ වනවිට ද ආරම්භ කර තිබේ.

ඩුබායි සහ තුර්කි වෙතින් මෙරටට තිරිඟු පිටි ආනයනය කරන බවත් පසුගිය කාලසීමාව තුළ එම නෞකා මෙරටට පැමිණීමට ප්‍රමාද වීමත් සමඟ මෙලෙස සීඝ්‍රයෙන් තිරිඟු පිටි මිල ඉහළගොස් ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වාදුනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here