පාර්ලිමේන්තුවේ තවත් 12 කට කොරෝනා

0
323

පාර්ලිමේන්තුවේ විවිධ කාර්යංශවලට අයත් තවත් දොලොස් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනයේදී හදුනාගෙන තිබෙනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මන්ත්‍රිවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද – ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩලය සහ මාධ්‍යවේදීන් ඇතුලූ 275 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර ඇති අතර එම අවස්ථාවේදියි 12 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ.

මෙම ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් හදුනාගැනීම සදහා අවශ්‍ය කටයුතු යොදා ඇති අතර එම ආශ්‍රීතයින් නිරෝධායනය කිරීමටත් අදාළ අංශ විෂභීජානුහරණය කිරීමටත් කටයුතු කර ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ.

හෙට සිට නැවත දැනුම්දෙනතුරු අවම කාර්යමණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙනයන බවද එම නිවේදනයේ සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here