ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන කණගාටුයි – කථානායක

0
304

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් අතිශයින්ම කණගාටුදායක බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අදහස් ප්‍රකාශ කිරීමේ බලය තිබූ පමණින් එය වැරදි සහගත ලෙස යොදා ගැනීම අනුමත කළ නොහැකි බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

ප්‍රශ්නය – පසුගිය දින කිහිපයේ දැක්කා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට පටහැනිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අගෟරවයක් ඇති වන විදියට හැසිරෙන ආකාරය ?

“ඒක කණගාටුදායක තත්ත්වයක් තමයි මොකද මන්ත්‍රීවරුන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ ඇතුළේ තියන ඕනෑම ආකාරයකින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. එක තිබුණ පළියට හැමවිටම අනවශ්‍ය ආකාරයට හැසිරීම එක කණගාටුවට කරුණක් තමයි.”

ප්‍රශ්නය – කොවිඩ් වසංගතය තවමත් මේ රටේ තියෙනවා කොළඹට දැවැන්ත සෙනඟක් ගෙනැල්ල යම් කිසි ආකාරයක විරෝධතාවයක් පැවැත්වීම ගැන ඔබ තුමාගේ පෟද්ගලික අදහස.

“නෑ ඒක ඒ උදවිය කල්පනා කරනවා නම් ඒක සුදුසුයි කියලා ඒක ඒ ගොල්ලන්ට කළ යුතු වෙලාවක් කියලා. ඒකේ හිතන්න දෙයක් නෑ. ඒත් මන් හිතන්නේ ඒ සම්බනධයෙන් කිසියම් තර්ජනයක්, කිසියම් බලපෑමක් තියෙනවා කියලා කියන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here