පාසල් වෑන් ගාස්තු අඩුවේ. ත්‍රීරෝද රථ ගාස්තු වෙනස් නොවේ.

0
292

ඉන්ධන මිළ පහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා  ප්‍රකාශ කරයි.

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු හැකි අයුරින් අඩු කර දෙමවුපියන්ට සහනයක් ලබා දෙන්නැයි සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

අප්‍රේල් පළමුවැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

එසේම ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද සමස්ත ලංකා ත්‍රි රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here