Tuesday, May 7, 2024

කොළොන්නාවට ක්ෂණික විහිදුම් බලකාය කැඳවයි…. දැඩි තීරණ ගනී.

ඉන්ධන හිඟයයක් ඇතිවේයැයි යන්න පිළිබඳව කලබල නොවන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා. 

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින අතර බෙදා හැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

ඉන්ධන බෙදා හැරීමේ තොග පර්යන්ත සංකීර්ණයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකන් පිරිසක් එහි රාජකාරියට පැමිණි සේවකයන්ට තම රාජකාරියට ඒමේදී බාධා එල්ල කිරීම හේතුවෙන් අද පස්වරුවේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් ඇතිවූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒමෙන්ම ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ සෙසු සේවකයන්ගේ වැඩවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙස උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සේවකයන්ගේ රැකියා අවසන් කිරීම සළකා බැලීමට අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථයේ සභාපතිවරයාට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වුවද ඉන්ධන බෙදා හැරීම පර්යන්තවල සහ බෙදා හැරීමේ දී අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මගින් කටයුතු කිරීම නිසා එම ක්‍රියාවලිය මේ වන සාමාන්‍යකරණයවී ඇති බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටියේ.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ ඊයේ රාත්‍රී දිගු පෝලිම් නිර්මාණය වී තිබීම කැපී පෙනුණි.

වර්ජනය අවසන් නොවුණ හොත් ඉන්ධන පිරවුම්හල් ගැටලුකාරී තත්වයකට පත්වන බවත් රාත්‍රී වන විටත් බොහෝ පිරවුම්හල්වල තොග අවසන්ව තිබූ බවත් ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles