Friday, January 10, 2025

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගේ බිරිඳ බුද්ධි නිලධාරීන් හමුවෙලා – හරීන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් කිහිපයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු, ඊයේ (9) දිනයේ දී හෙළිකර සිටියේ ය.

මන්ත්‍රීවරයා හෙළි කළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමිවලින් එක් ප‍්‍රධාන හෙළිදරව්වක් වූවේ, සහරාන්ගේ බිරිද විසින්, පාස්කු කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියේ අඩංගුව පිළිබදව මන්ත‍්‍රීවරයා කළ හෙළිදරව්වයි.

ඔහු පවසන ආකාරයට පවසන ආකාරයට, සහරාන්ගේ බිරිද පාස්කු කොමිසම හමුවේ ලබා දී තිබෙන සාක්ෂියට අනුව, පාස්කු ප‍්‍රහාරයට පෙර, බුද්ධි නිලධාරීන්, සහරාන් හමු වී තිබේ.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවීමට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රියෙල් 19 වැනිදා ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ තිබුණේ මොනවාද, එම ලොරි රථ නිදහස් කිරීමට බලපෑම් කළ පොලිස් නිලධාරියා කවුද සහ එම වාහන අයිති කාටදැයි පාර්ලිමේන්තුවේ හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රියෙල් 21 වැනිදා පාසිකුඩා මාළු මාළු හෝටලයේ සැප ගත් පොලිස් ප්‍රධානියා කවුදැයි හෙළි කරන ලෙසත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මහජන ආරක්ෂා ව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට අභියෝග කළේය.

එමෙන්ම එම අවස්ථාවේදි ඔහු විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ සහරාන්ගේ බිරිඳ විසින්  ලබාදුන් ප්‍රකාශවල පිටපතක් සභාගත කරන ලෙසයි.

හෘද සැත්කමකට ලක් වීමෙන් පසුව විවේකීව සිටි හරීන් ප්‍රනාන්දු තමන් අද දින 40කට පසුව පාර්ලිමේන්තුවට පැමිණි බව සඳහන් කළ අතර තමන්ට සුවය පැතූවන්ට සිය ස්තූතිය ද පළ කළේය.

“මා කළ විවේචචනය මොන වගේ ද කියල අද පැහැදිළිව පේනෙනවා. එදා සිටම අපේ විවේචනය එකයි. අද සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව බුද්ධි අංශ ප්‍රධානී සී.අයි.ඩියට ගිහින් කියනවා තමන්ට දාන චෝදනාව ඉල්ලා අස් කර ගන්න කියල. නමුත්කරන්න ඕන ඒක නෙවෙයි. මේ කරන චෝදනා බොරු කියල ඔප්පු කරන එක.“

“පාස්කු ප්‍රහාරය සිදුවීමට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රියෙල් 19 වැනිදා ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමේදී අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ තිබුණේ මොනවාද එම ලොරි රථ නිදහස් කිරීමට බලපෑම් කළ පොලිස් නිලධාරියා කවුද සහ එම වාහන අයිති කාටදැයි පාර්ලිමේන්තුවේ හෙළි කරන ලෙස ලෙස මම සරත් වීරසේකර ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.“

“පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රියෙල් 21 වැනිදා පාසිකුඩා මාලු මාලු හෝටලයේ සැප ගත් පොලිස් ප්‍රධානියා කවුදැයි පුළුවන් නම් පාර්ලිමේන්තුවට හෙළි කරන්න.“

“සහරාන්ගේ බිරිඳ ජීවතුන් අතර සිටිනවාද නැද්ද කියන එක අපි දන්නේ නෑ. ඒත්   අපි සරත් වීරසේකර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඇය පොලිසියට දුන් ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. අපේ‍්‍රල් 21 මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට කලින් සහරාන් බුද්ධි අංශ නිලධාරීන් හමුවූ බවට ඔප්පු කරන්න අපිට සාක්ෂි තියනවා. සහරාන්ගේ බිරිඳගේ  ප්‍රකාශයෙන් ඒ බව තහවුරු කරලා තිබුණා,”  

මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සහරාන්ගේ බිරිය වන ෆාතිමා සාදියා කියල තිබෙනවා ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන් ගේ ගෙදරදි ඔහුව හමුවුණා කියලා.“

“මම මීට පෙර පසුගිය අප්‍රේල් 22 වැනිදාත් පාර්ලිමේන්තුවේ කතා කළා. ඊට පසුවත් කතා කළා. දෙවරම මම අසනීප වුණා. ඔක්තෝබර් මාසේ පැය නවය හමාරක සැත්කමක් කරන්න වුණා. කට්ටිය මට කීවේ යක්ෂ බන්ධනයක් කියලා.“

“නමුත් මොන බන්ධනයකටත් වඩා මට මම අදහන දෙවියන් බලගතුයි. සත්‍යය ඉදිරියේ මොන අක්කටවත් කිසිම දෙයක් අඹරන්න බැහැ. “ යයිද සඳහන් කළේය.

එමෙන්ම එහිදී ඔහු විසින් තව දුරටත් හෙළි කර සිටියේ, පාස්කු ප්‍රහාරයට පෙර , එනම් 2019 අප්‍රේල් 04 වැනි දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිටවීමේ ස්ථානයේ දී පොලිසිය විසින් නවතා දැමූ ලොරි රථ දෙකක්  එක්තරා උසස් පොලිස් නිලධාරියකුගේ නියෝගයක් මත මුදා හැර ඇති බවයි.

“මේ පොලිස් නිලධාරියා අප්‍රේල් 21 වෙනිදා  ‘මාළු මාළු’ නිවාඩු නිකේතනයේ ඉඳලා තියෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන් මේ ලොරි ගැන මැල්කම් රංජිත් කාදිනල්තුමාට පවා තොරතුරු හෙළි කරලා තියෙනවා,” යැයි පැවසීය.

එමෙන්ම එහිදී එයට තව දුරටත් කරුණු එක්කරමින් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කියා සිටියේ, අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ පුපුරණ ද්‍රව්‍ය තිබී ඇති බවයි.

“මේ ඉහළ පොලිස් නිලධාරියා රුපියල් පන්දහසේ නෝට්ටුවලින්  අල්ලස් ලබාගෙන තිබුණා.”

ඔහු තව දුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles