Monday, May 20, 2024

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ කුලපතිකමට වෛද්‍ය පීඨ ගුරු සංගමයේ විරෝධය

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට මුරුත්තෙට්ටුවේ ආනන්දේ හිමියන් පත්කිරීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ගුරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී වැඩිදුරටත් සඳහන් කරමින් වෛද්‍ය පීඨ ගුරු සංගමය කියා සිටියේ විශ්වවිද්‍යාලයීය කුලපති යනු විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ අභිමානය ප්‍රතිමූර්ත කිරීමේ සකේතය බැවින් ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වන ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය බුද්ධිමතෙකු සහ වෘත්තිකයෙකු පත් විය යුතු බවයි.

එමෙන්ම අදාල තැනැත්තා විශ්වවිද්‍යාලය මගින් බලාපොරොත්තු වන මට්ටමේ උසස් හැසිරීමකින් යුතු සහ අනාගතයේ එවැනිව හැසිරෙන්නෙකු විය යුතු බවටත් ඔවුන් අවධාරණය කර තිබේ.

මේ බව සඳහන් කරමින් අදහස් දැක්වූ කොළඹ වෛද්‍ය පීඨ ගුරු සංගමය දන්වා සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බවට ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත ද දන්වා යවා ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles