පාස්කු ප්‍රහාරයේ කොච්චිකඩේ බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස්

0
323

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) නියෝග කළේය.

වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කර සිටියේය.

අදාල සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදහස් කිරීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here