පාස්කු ප්‍රහාරය හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් එයි…!

0
621

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ යළි සමාලෝචනයක් සිදු කිරීමටත් තවදුරටත් මෙම ප්‍රශ්නය ඉදිරියට ඇදගෙන නොගොස් එය විසඳීමටත් තමන් කැපවී සිටින බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩ බලන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තවද වැඩ බලන ජනාධිපතිවරයා පැවසුවේ, සියලු දෙනා එකඟවන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සඳහා එක්සත් රාජධානියේ ඔත්තු සේවාවල සහය ලබා ගත හැකිව ඇති බවයි.

පැසිස්ට් ක්‍රමවේදයෙන් රටේ නීතිය හා සාමය නැති කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ වැඩ බලන ජනාධිපතිවරයා පැවසුවේ, පවතින ක්‍රමවේදය වෙනස් විය යුතු බවට වන සාමකාමී අරගලකරුවන්ගේ අදහස හා තමන් ද එකඟ වන බවයි.

තව ද  සාමකාමී අරගලකරුවන්ට ක්‍රමවේදයේ වෙනස ගැන සාකච්ඡා ඉදිරියට ගෙනයාමට අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු පැවසී ය.

මැයි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය ධුරය භාර ගත් අවස්ථාවේ සිට මේ දක්වා තමන් රටේ ජනතාව මුහුණදී සිටි දෛනික විදුලි කප්පාදුවේ කාලය අඩු කිරීමට, පොහොර ප්‍රශ්නය, ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය ආදි ප්‍රශ්න විසඳීමට තමන් ක්‍රියාමාර්ග ගත් බව ද අග්‍රාමාත්‍යරවයා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here