පූජිත් – හේමසිරි පෙර ඇප මත මුදා හරී

0
291

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පෙර ඇප මත මුදා හැර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවලට අදාළ නඩුවෙන් මොවුන් දෙදෙනාට ඇප හිමිවී තිබේ.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇති අතර නීතිපතිවරයා විසින් චූදිතයන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුව අද විභාගයට ගැණුනේ නාමල් බලල්ලේ , මොහොමඩ් ඉසදීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල හමුවේදීයි.

වැඩිදුර නඩු විභාගය ලබන 27 වැනිදා සිදුකිරීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here