Thursday, January 23, 2025

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400 ක් රැගත් නෞකාවක් අද මෙරටට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,400 ක් සහිත නෞකාවක් සිංගප්පූරුවේ සිට අද මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.

එම අමාත්‍යංශයේ ලේකම්, කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, ජාත්‍යන්තර මුහුදේ ඇති එම නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 33 ක් පමණ වන ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අද සිදු කරන බවයි.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබුණත්, මෙම නෞකාවෙන් ගොඩබාන පෙට්‍රල් සඳහා එම මිල ඉහළ යාමෙන් බලපෑමක් සිදුනොවන බව බලශක්ති අමාතයංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් තහවුරු කරනවා.

ඊට අමතරව, ඩීසල් තොග රැගත් තවත් නෞකා දෙකක් සහ දැවි තෙල් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේ මෙරටට ළඟාවීමට නියමිතව ඇත.

මේ අතර, දින 8 ක් සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග මෙරට තිබියදීත්, ඊයේ දිනයේ ඉන්ධන පිරවුම්හල්වල පැවති ඩීසල් හිඟය සම්බන්ධයෙන් අද විශේෂ සොයා බැලීමක් සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයෙන් විමසීමක් සිදුකරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles