පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට අස්වෙන්නැයි අමාත්‍යාංශ ලේකම් දැනුම් දෙයි

0
525

පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන තිස්ස හේවාවිතාන මහතා පවසන්නේ පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය පස්වැනිදා දන්වා යැවූ බවත් ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද දැනුම්දීමක් අනුව මෙසේ ඉල්ලා අස්වන ලෙස සභාපතිවරයාට දැනුම් දුන් බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහර දීමේ සිද්ධියට රැගෙන ගිය වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් වීම හේතුවෙන් එහි වගකීම ආයතන ප්‍රධානියා විසින් දැරිය යුතු බව බැවින් මෙම පියවර ගෙන ඇතැයි පවසන අමාත්‍යාංශ ලේකම්වරයා එම සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පවත්වන බවද වැඩි දුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here