Tuesday, April 30, 2024

විලවුන් අධිරාජ්‍යයේ දේශීය සන්නාමය Fragrance by Chris

සුවඳ විලවුන් වලට ලෝකයේ අත්වන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. ප්‍රන්සය ප්‍රමුඛ යුරෝපය සගන්ධ ද්‍රව්‍ය නිෂ්පාදනයේ මූලිකත්වය ගෙන තිබෙනවා. ඒ වගේම ලොව ඉතාම ඉහළ සුවඳක් සහ පැවැත්මක් සහිත විලවුන් අතිශය මිල අධිකයි. එවැනි දුර්ලභ විලවුන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට හීනයක් පමණක් වෙන වකවානුවය Fragrance by Chris අලුත් වැඩකට අතගසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් දේශීයව නිෂ්පාදන එළිදැක්වීම් කොරෝනා සමයේත් පශ්චාත් කොරෝනා සමයේත් බහුලව දැකිය හැකි වුවත් ඒවායේ පවතින දුර්වලතා නිසා එළිදැක්වීමෙන් පසුව එම නිෂ්පාදන අපිට දකින්නට නැහැ. නමුත් ෆ්‍රැග්‍රන්ස් බයි ක්‍රිෂ් නිෂ්පාදන අද ඔබට ඕනෑම තැනකින් මිලට ගැනීමට හැකි. දුර්ලභ සුවඳ වට්ටෝරු රැසකින් සමන්විත වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු සරාගී සුවඳ කුප්පිය…

මිට වසර දහයකට පෙර Fragrance by Chris හි නිර්මාතෘ ධනංජන ක්‍රිසන්ත පෙරේරා මහතාට තිබුණේ අපූරු හීනයකි. එනම් ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ගුණාත්මකභාවයකින් යුත් දේශීය සුවඳ විලවුන් නිෂ්පාදනයක් දැරිය හැකි මිලකට මෙරට පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ කෙසේද යන්නයි. එමෙන්ම විලවුන් සඳහා විදේශයන්ට ඇදෙන විශාල ධනස්කන්ධය මෙරට ඉතිරිකරගත හැකිවෙත්නම් එය රටට සුබදායක බව ඔහු තේරුම් ගෙන තිබෙනවා.

මෙහිදී ප්‍රධාන බාධකය වුණේ ප්‍රාග්ධනයයි. මක්නිසාද යත් මෙය වියදම් අධික ව්‍යාපාරයක්. මීට අදාළ රසායනික ද්‍රව්‍ය ආනයනය, සුවඳ මිශ්‍රණය, ඊට නිසි ප්‍රමිතියකින් යුත් ආකර්ශනීය බෝතල් හෝ ඇසුරුම් නිර්මාණය, ජාත්‍යන්තර නිෂ්පාදන හා එක පෙළට තැබිය හැකි වීම ආදිය අභියෝගයක් විය. ඒවා එසේ තිබියදි සුළු පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවිණ.

මුල් පියවර ලෙසින් ‘සමිඳුනි’ නමින් දේශීය හඳුන්කූරු විශේෂයක් හඳුන්වා දුන් අතර එය ආනයනික හඳුන්කූරු වලට හොඳ තරගයක් ලබාදුන්නා. එයින් ධෛර්යමත් වූ ක්‍රිසන්ත මෙය නැවත සන්නාමගත (Branding) කිරීමට වෙනත් ක්‍රම කල්පනා කරා. ඔහු සීලෙෂ්ස් රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදී ඔහුව බොහෝ දෙනා ඇමතූ ‘ක්‍රිෂ්’ නාමය මෙහිදී ඔහු යොදාගැනීමට තීරණය කළා. එහිදී හඳුන්කූරු නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයන් එතෙක් විදේශයන්ගෙන් ආනයනය කළ සුවඳකාරක මෙරටදීම නිපදවා අලෙවි කිරීම ආරම්භ කරා. එය සාර්ථක ව්‍යාපාරයක් වූ අතර විදේශයන්ට ඇදී යන මුදල් මෙරට රඳවා ගැනීමට ඔහුට හැකිවුණා.

ඉතා ඉහළ මිල ගණං වලට මිලිලීටර් දහයක් විස්සක ප්‍රමාණයක් රුපියල් හත් අටදහසේ සිට ලක්ෂය දක්වා අලෙවි වෙද්දී සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා පැය 12-15 අතර කාලයක් රැඳී පවත්නා Perfume නිෂ්පාදනය මෙහිදී තරමක අභියෝගයක් වූ අතර එය ජය ගැනීමට ඔහුට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනෙකුගේ සහායත් ඉන්දියාවේ ආධාර උපකාරත් ඉවහල් වුණා. කෝට්ටේ ප්‍රදේශයේ මේ වන විට කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නේ තවත් බොහෝ පිරිසකට රැකියා හිමිකර දෙමින්.

සුවඳ වර්ග කිහිපයකින් සහ විවිධ ප්‍රමාණ ඇසුරුම්වලින් මෙන්ම ඔබේ පෙම්වතා, පෙම්වතිය මෙන්ම ආදරණීයන් සඳහා තිළිණ කළ හැකි Customize නිෂ්පාදනයක් ලෙසින් පවා ඔබට මෙය මිලදී ගත හැකියි. එනම් ලග එන ආදරවන්තයින්ගේ දිනයට ඔහුගේ හෝ ඇයගේ නම සඳහන් කළ සුවිශේෂී සුවඳකින් යුත් විලවුන් නිෂ්පාදනයක් ඔබට තිළිණ කළ හැකි වෙනවා.

ඒ සදහා කළ යුත්තේ www.fragrancebychris.com වෙබ් අඩවියට පිවීසීම හෝ 0770444652 අංකයට කතා කිරීම පමණයි. ඒ හරහා ඔබට අන්තර්ජාලයෙන් මිලට ගත හැකි අතර, නුදුරේදීම දිවයිනේ නමගිය වෙළෙඳ මධ්‍යස්ථාන (Shopping Mall) වලින් මේවා ලබාගතහැකිවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles