පොලීසියේ උසස්වීම් – කොමිෂමේ නිර්දේශ පොලිස්පති වෙතට…

0
348

උපපොලිස් පරික්ෂක තනතුරේ සිට පහළ තනතුරු සදහා උසස්වීම් ලබාදීමේ පටිපාටිය පිළිබද නිර්දේශ පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.පොලිස් කොමිසමේ මාධ්‍ය නිලධාරී පී.ඩී ලියනාරච්චි අප  කළ විමසීමකදී කියා සිටියේ එම නිර්දේශ සියල්ල පොලිස්පතිවරයා වෙත මේ වන විට ලබාදී ඇති බවයි.

උපපොලිස් පරික්ෂක තනතුරු සහ ඊට පහළ තනතුරු සදහා උසස්වීම් ලබා දීම පිළිබද ගැටලුකාරීතත්ත්වයක් ඇතිවුණා. ඒ පිළිබද සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමටයි පොලිසි කොමිසම පියවර ගත්තේ.අදාළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව පිළිබද පොලිස් කොමිසම තුළ සාකච්ඡා සිදු කෙරුණා.අනතුරුව ඒ පිළිබද පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි පොලිස් කොමිසම ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here