Saturday, September 21, 2024

කිසිදු රණවිරුවෙකුට අසරණවීමට ඉඩ තියන්නේ නැහැ-ජනාධිපති

ආරක්ෂක හමුදාවල ගුණාත්මකභාවය මෙන්ම ශක්තිය වර්ධනය කිරීමට වත්මන් රජය සෑම අවස්ථාවකම කැපවන බවත්, කිසිදු රණවිරුවෙකු අසරණවීමට ඉඩනොතබන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

විරුසර වරප්‍රසාද රණවිරු කාඩ්පත ප්‍රදානය කිරීමේ දෙවැනි අදියරේ වැඩසටහනට අද (27දා) පස්වරුවේ හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේබව කීය.

1983 වසරේ සිට 2009 වසර දක්වා කාලයේ වසර 22 ක සේවා කාලයක් සපුරා සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙම කාඩ්පත පිරිනැමේ. දෙවැනි අදියර වැඩසටහන යටතේ රණවිරුවන් ලක්ෂ 03කට පමණ විරුසර කාඩිපත් හිමිවනු ඇත.

විරුසර වරප්‍රසාද රණවිරු කාඩ්පත හඳුන්වාදීම තුළින් රජය අපේක්ෂා කරන්නේ රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරිම බවත්,එමෙන්ම රට වෙනුවෙන් ජීවිත පූජා කළ මෙන්ම ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් පැවරී ඇති වගකීම් ඉටු කිරීම කිසිසේත් රජය පැහැර නොහරින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, සිවිල් ආරක්ෂක සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles