Sunday, May 19, 2024

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය කොයිබටද..?

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සැලසුමකින් තොරව ක්‍රියාත්මකවීමත් කල්ලි දෙකක් අතර දැවැන්ත සටනක් ආරම්භවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය අනතුරේ වැටීඇති බව විචාරකයින් පවසනවා.

එම ආයතනයේ උප සභාපතිවරු දෙදෙනෙකු වන ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් එක් පාර්ශවයක මෙහෙයුම් ප්‍රධානින් ලෙස කටයුතු කරන බවත්, අනෙක් පාර්ශවය සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන බවත් පැවසෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරයන් සමඟ තේරීම් කමිටු සාමාජිකයන් නොයවන බවට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද සනත් ජයසූරිය එංගලන්තයට පසුගිය කාලය තුළ දෙවරක් ගොස් ඇති බව වාර්තා වනවා.

එසේම එංගලන්තයේ සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් පිල සමඟ එහි තේරීම් කමිටු සමාජිකයකු නොයවන බවට මුලින් ප්‍රකාශකර පසුව ඒ සංචාරයට තේරීම් කමිටු සාමාජික රොමේෂ් කළුවිතාරණට යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා ඇත.

එසේම කාන්තා ක්‍රිකට් නංවන්න යයි පවසමින් වැනීසා බෝවන්, ඉන්ද්‍රානි ආරියරත්න, පද්මා කරුණාරත්න හා අප්සාරි තිලකරත්න යන පඩි ගෙවන කාන්තා නිළධාරීන් 4ක් බඳවාගෙන ඇත.

මොවුන්ගේ වගකීම් පිලිබඳ ඔවුන්ටම අවබෝධයක් නොමැති බවත් එම නිළධාරීන්ට ඉදගැනීමට අසුන් සොයාගන්නේද සංගීත පුටු තරඟයට බවයි පැවසෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles