පොහොට්ටුවේ ආරක්ෂකයා ලක්බිමට…

0
313

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔහු මීට මාසයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි .

බැසිල් රාජපක්ෂ අද දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

හිටපු අමාත්‍යවරයා පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙහිදී ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගේ පැමිණීම පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා. 

” බැසිල් රාජපක්ෂ මහතා පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු කිරීම සදහා මෙසේ පැමිණ තිබෙනවා. මෙම පැමිණීම පක්ෂයට ශක්තියක්. මන්ත්‍රීවරුන්ට ගමට ගිහිං ජන්දෙ ගන්න රාජපක්ෂවරු අවශ්‍යයැයි” ඔහු සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here