Monday, September 23, 2024

බංග්ලාදේශය අපට ණය දුන්නට ඒක අපායක්. මේ මොහොතේ අප කළ යුත්තේ මව්බිම ඉහළටම ඔසවා තැබීමයි – ඇමති විමල්

ශ්‍රී ලංකාව මේ වන විට බංගලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් අරගෙන තියෙනවා.ඒ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ “බංගලදේශයේනුත් ණයක් ගන්න සිද්ධ වුණානේ” කියමින් අවඥාවෙන් යන සංසන්දනයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පිළිතුරු ලබා දී තිබෙනවා.

ඒ බොහෝ දෙනෙකු බංගලිදේශයෙන් ගත් ණය මුල්කොටගෙන ශ්‍රී ලංකාව එම රටටත් වඩා පහළ මට්ටමකට දමා කථා කිරීම නිසා.
බංග්ලාදේශය විශාල විදේශ විනිම සංචිතයට හිමිකම් කීවාට ඒ සමාජයේ ජනතාව ඉතා දුක්බර ජීවිතයක් ගත කරන බව වීරවංශ ඇමතිවරයා අවධාරණය කරනවා.
ඒ සඳහා හේතු ද ඔහු පෙන්වා දෙනවා.
එහි අගනුවර (ඩකා) ජීවත්වෙන ජනයා අවුරුද්දකට වතාවක් පැමිණෙන ගංවතුර නිසා කඳු මුදුන්වල තනාගත් තාවකාලික නිවාසවල ජීවත්වන බවයි ඇමතිවරයා මේ රටේ ජනතාවට මතක් කර දෙන්නේ.

තවද බංගලාදේශයේ උපදින දරුවන් හැමෝටම උප්පැන්න සහතික නැති බවත් ඔහු සඳහන් කරනවා.

බංගලාදේශයේ සිටින්නේ ලෝකයේ බොහෝ රටවල සමාජයන් බාර නොගන්නා රැකියා කිරීමට කැමති සමාජයක් බවද පෙන්වා දෙන ඇමතිවරයා ලාංකීය සමාජය බංගලාදේශ සමාජයට වඩා ඉදිරියෙන් සිටින බව සඳහන් කරනවා.

බංගලාදේශයේ විදේශ විනිම සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 45 ක් බවට වාර්තා වන බවත් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මෙන් පහළොස් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.


වීරවංශ අමාත්‍යවරයා බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව මෙසේ සංසන්දනය කළේ රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේදියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles