බන්දුලගෙන් පොල් කිරි පැකටිටුවක්

0
429

පොල් ගෙඩි දෙකක පොල් ඇතුළත් නව පොල් කිරි පැකැට්ටුවක් එළඹෙන සතියේ සිට වෙළද පොළට නිකුත් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටිනවා.

මේ නව පොල් කිරි පැකැට්ටු වත්මන් පොල් ගෙඩි දෙකක මිලට අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අමායවරයා කියා සිටින්නේ ශ්‍රී ලංකා සතොස හරහා මේ පොල් කිරි පැකැට්ටුව වෙළද පොළට නිකුත් කරන බවයි.

එමෙන්ම වෙළදපලේ පවතින මිලට වඩා අඩු මිලකට වතුර බෝතල්ද ලබන සතියේ සිට සතොස හරහා ලබාදෙන බව සතොස 441 වැනි ශාඛාව රත්ගම මාවඩ්විල ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here