Saturday, May 18, 2024

‘ජය ශ්‍රී’ ට එරෙහි වාරණය ජනවාරි 12 දක්වා දීර්ඝ කරයි

ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් මහතා විසින් ලබා ගත් වාරණ ආඥාව 2022 ජනවාරි මස 12 වන දින දක්වා කොළඹ වානිජ මහාධිකරණ විසින් දීර්ඝ කර ඇත. 

ජය ශ්‍රි සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් විසින්

පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටියේය.

රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනි සිටිමින් කරුණු ඉදිරිත් කරන ලද අතර දෙපාර්ශවයේ ලිඛිත දේශන එදිනට පෙර ගොනු කරන ලෙස අධිකරණය නියම කළේය.

ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින්, එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කර ඇතැයි චෝදනා කරමින්  ඔවුන් දෙදෙනාට එරෙහිව එරෙහිව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබිණ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles