වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මතක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් රු.1998/=ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් නිවසටම ගෙන්වා ගැනීමේ නිල සමාරම්භක අවස්ථාව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි රු.2600/=කට වඩා වැඩි මිළකට අළෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල, දිවයින පුරා සතොස අළෙවි ශාඛා මඟින් ලබා ගැනීමේ හැකියාව හෙට දින සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම සතොස සමඟ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ වීමෙන් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම් නියෝජිතයන් ඒ ඒ ශාඛා සඳහා යොමු කිරීමේ කටයුතු සිදු කරනු ලැබීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය ද පළ කරන ලදී.