බලපෑම් කරමින් එන්නත ලබා ගන්නා බව හෙළි වෙලා-විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

0
612
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

විවිධ බලපෑම් කර ඇතැම් පාර්ශවයන් කොවිඩ් එන්නත ලබා ගන්න බවට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

යම් පුද්ගලයින් විසින් සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති අතර සෑම දෙනාටම එන්නත් ලබා දීමට කටයුතු කරන බැවින් සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් ප්‍රමුඛතා ලැයිස්තුව අනුව එන්නත්කරණය සිදු කරන්නේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන කොවිඩ් මර්දන එන්නත බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

නිදන්ගත රෝග ඇති පුද්ගලයින් එන්නත් ලබා ගැනීමට පෙර තමන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුම්දිය යුතු අතර යම් ගැටලුවක් තිබේ නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව හමුවෙලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සිදු කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here