Sunday, May 19, 2024

මුතුරාජවෙල ඉඩමකට සින්නක්කර අයිතිය

ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 194 ද`ඩුගම ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි මත භේදයකට තුඩුදී ඇති මුතුරාජවෙල රක්ෂිතයේ විශාල බිම් කොටසක පෞද්ගලික සින්නක්කර හිමිකාරීත්වය පෙන්වා දෙමින් බිම් සවිය ඔප්පු යෝජනා ක‍්‍රමය යටතේ එම බිම් කොටසේ මිනුම් කටයුතු සිදු කිරීමට ඉකුත් 19 වැනිදා පැමිණි සුප‍්‍රසිද්ධ පෞද්ගලික සමාගමකට ජාඇල ප‍්‍රාදේශීය ලේකම්වරයා විරුද්ධ වීම නිසා මිනුම් කටයුතු නවතා දැමීමට සිදුවිය.

මේ පිළිබඳව ජාඇල ප‍්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතා පවසන්නේ දැනට අදාළ බිමේ මිනුම් කටයුතු නවතා දැමීමට තමා ද`ඩුගම ග‍්‍රාම නිලධාරීවරයාට නියෝගය ලබා දී ඇති බවය. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යන බැවින් මේ අවස්ථාවේ ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබා දිය නොහැකි බවය.

194 ද`ඩුගම ග‍්‍රාම නිලධාරී රවිඳු ප‍්‍රනාන්දු සහ කොට්ඨාසයේ කෘෂිකර්ම පරීයේෂණ සහකාර නිලධාරී අජිත් මහතාගේ මූලිකත්වයෙන් මෙම මිනුම් කටයුතු නවතා දැමීම සිදුවිය.

අදාළ සමාගමේ උසස් නිලධාරියකු මේ සම්බන්ධයෙන් පවසා සිටියේ තම සමාගම ඉහත ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ඔප්පු අංක සහ පිඹුරු පත් අංක සහිත ලියැකියවිලි ද, බිම් සවිය ඔප්පු යෝජනා ක‍්‍රමය යටතේ මිනුම් කටයුතු කර ගැනීමට අවශ්‍ය ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරියගේ සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයාගේ ලිඛිත ලියැකියවිලි ද ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවය.

මෙම සමාගම මේ අයුරින්ම තම ඉඩම් හිමිකාරීත්වය පෙන්වා ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 206 ඒකල සහ 189 වෑවල යන ග‍්‍රාම නිලධාරි වසම් තුළ පිහිටි මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් කොටස් ගණනාවක මිනුම් කටයුතු කිරීමට අවසර ඉල්ලා ඇති බව ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මෑතක සිට මුතුරාජවෙල රක්ෂිතයක් බව දක්වන නාම පුවරු ඉවත් කර ඒවා වෙනුවට එම ප‍්‍රදේශයේ අක්කර විශාල තෙත් බිම් ප‍්‍රමාණයක් සිය පෞද්ගලික අයිතියේ පවතින බව දක්වන අලූත් නාම පුවරු සවිකර ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles