Monday, May 6, 2024

සයමස් බිලිඳා බේරා දෙන්න යාපනයේ වෛද්‍යවරයා සමත් වෙයි

යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රදේශයේ හය මස් ගැබිනි මවකගේ කුසේ සිටි බිලිඳාගේ ජීවිතය බේරා දෙමින් යාපනය ශික්ෂණ රෝහලේ සිංහල ජාතික වෛද්‍යවරයකු හා ඔහුගේ කාර්ය මණ්ඩලය තවත් වික‍්‍රමයක් පා තිබේ.

මාස හයක ගැබිනි කාන්තාව හදිසියේම අසනීප වී යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතළ නිසා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා තිබේ.

ගැබිනි කාන්තාව ප‍්‍රසූත කළ බිලිඳා ග‍්‍රෑම් 600 කටත් වඩා අඩු බරකින් යුතු වූ අතර සති 24කට අඩු වයස් බිලිදකු නිසා යාපන ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් නවරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි ප‍්‍රශ්නයකට මුහුණ දී තිබේ.

නමුත් ඔවුන්ගේ කැපවීම මත දරුවාත් මවත් බේරා දීමට හැකියාව ලැබී ඇත. යාපනයේ සියලූ දෙනා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රසාදය පළ කර තිබේ divaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles