බල්ලෙකුගේ වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මරුට…!

0
461

සුනඛයෙකු නිසා පත්තු වූ වෙඩිල්ලකින් පුද්ගලයෙකුට ජීවිතය අහිමිවීමේ පුවතක් අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජලනල කාර්මිකයෙකු වන ජෝසෆ් ස්මිත් නමැති අදාළ පුද්ගලයා සිය සුනඛයා ද  සමගින් දඩයමේ ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණදී ඇති බවයි. 

ප්‍රාන්ත පොලිසිය සැක පළ කරන්නේ, ස්මිත්ගේ සුනඛයා රයිෆලය ඇතුළු දඩයම් ආම්පන්න සමග ට්‍රක් රථයේ පිටුපස සිට ඇති බවටත් අනාරක්ෂිතව අගුළු නොදමා තිබූ ගිනි අවිය එහිදී සුනඛයාගේ පාදය ගැටීමෙන් වෙඩි පත්තු වන්නට ඇති බවත් ය. 

වෙඩි වැදුණු 30 හැවිරිදි ස්මිත්ගේ සිරුර හමුවී ඇත්තේ, ට්‍රක් රථයේ මගී අසුනේ තිබියදී ය. 

අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අවස්ථාවේ ට්‍රක් රථයේ වෙනත් කිසිවකු සිට නොමැති බවට නිරීක්ෂණය වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්ම බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here