රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ, අගෝස්තු මස 31 වැනිදා දක්වා බලපත්ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව අගෝස්තු 12 වැනි දින සිට අගෝස්තු 31 වැනි දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්ර සඳහා සැප්තැම්බර් 30 වැනි දින දක්වා දඩ මුදලක් අය නොකෙරෙනු ඇති.
වාහන ආදායම් බලපත්ර ඔන්ලයින් ඔස්සේ ලබා ගැනීමට www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි.