බස් ගාස්තුත් ඉහළට ?

0
301

යම් හෙයකින් ඉන්ධන මිල ඉහළ ගියහොත් බස් ගාස්තු ඉහළ දැමීමේ අවධානමක්ද පැවතිය හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා කියා සිටියේ කෙසේවෙතත් මේ වන විට බස් ගාස්තු සහ ඩීසල් මිල වැඩි කිරීමට කිසිඳු අදහසක් නොමැති බවයි.

යම් හෙයකින් ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු වුවහොත් ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගනිමින් බස් ගාස්තු වැඩිනොකිරීමට කටයුතු කිරීම වඩාත් ප්‍රායෝගික බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

දිලුම් අමුණුගම මහතා මේ බව කියා සිටියේ බස් ගාස්තු සියයට 25 කින් වැඩි කිරීම සම්බන්ධව පෞද්ගලික බස් සංගම් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදින් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here