බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ වැසිකිළියෙන් කොකේන් හමුවෙයි

0
377

මේ දිනවල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොකේන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය පිබඳ විවේචන මතු වී තිබෙන පසුබිමක , අගමැති බොරිස් ජොන්සන්ගේ කාර්යාලයේ වැසිකිළියක තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමු වී තිබේ .එක්සත් රාජධානිය පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම මර්දනය කිරීමට ජොන්සන් ඔහුගේ නව සැලසුම් පසුගිය සතියේ සාකච්ඡා කිරීමත් සමඟ ,ඊයේ දිනයේ දී මෙවැනි දෙයක් සිදුවීමත් හේතුවෙන් ආන්දෝලනයක් හටගෙන තිබේ.

ටොරි මන්ත්‍රී චාල්ස් වෝකර් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ,”පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා ස්නයිෆර් සුනඛයින් යොදාගැනීමේ දීර්ඝ ඉතිහාසයක් පාර්ලිමේන්තුවට ඇත .මත්ද්‍රව්‍ය හඳුනාගත හැකි සුනඛයින් ඇතුළත් කිරීම සඳහා අපි දැන් සුනඛයින්ගේ පරාසය පුළුල් කිරීමට අවශ්‍යයි’ බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here