බැසිල්ගේ අයවැය උට්ඨාන අයවැයක් – දිනේෂ්

0
329

වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකය ඉතා අසීරුවෙන් හිස ඔසවන අවස්ථාවක උට්ඨාන වීර්යයෙන් උට්ඨාන අයවැයක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කර ඇතැයි සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැවැන්ත උත්සාහයකින් නැවතත් ශ්‍රී ලංකාවට හිස එසවීමට හැකි මාර්ගය ඉතා පැහැදිලිවම මෙවර අයවැයෙන් පෙන්නුම් කර ඇතැයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙතෙක් ආර්ථික න්‍යායන්ගේ පොතේගුරුවාදයන්ට ගොදුරුව සිටියත් එයින් මිදෙනු යථාර්ථවත් වැඩපිළිවෙලකට අවතීර්ණවීමට මෙවර අයවැයෙන් කටයුතු කර ඇතැයි ද ඔහු සදහන් කළේය.

ග්‍රාමීය ආර්ථිකය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අයවැය මගින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයිද සභානායකවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here