ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (07) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
සුහද අන්දමින් පැවති එම සාකච්ඡාව ඵලදායී බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
මෙම මාසය අවසන්වීමට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවති දුරකථන සංවාදයකදීයි මෙම කරුණු හුවමාරුවී ඇත්තේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදෙන බවටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මෙහිදී සහතික වී තිබෙනවා.