Wednesday, October 30, 2024

බැසිල් පොදුජන පෙරමුණේ නියෝජිතයන් කැඳවයි

රට යළි විවෘත කිරීමෙන් පසු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

ඒ, එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි යි.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම මෙහි දී සිදු වෙන බව සඳහන්.

ඒ අනුව මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර හා ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල පවතින ගැටලු සාකච්ඡා කර ඇති අතර හෙට දිනයේ දී තවත් දිස්ත්‍රික් කිහිපයක නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත යි.

මේ අතර, රට තුළ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 280ක් හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 25,000ක් ක්‍රියාත්මක වන බව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතු ඊයේ යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles