Monday, May 20, 2024

බිලියන ගණනක බලාපොරොත්තු සුන් වෙයි!

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව (19) සමත් විය.

ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වේ.

ශූරතාව දිනූ ඕස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධික මුදල් ත්‍යාගයක් ද, අනු ශූර ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදල් ත්‍යාගයක් ද, හිමිවිය.

අහමදාබාද්හිදී අද පැවැති අවසන් මහ තරගයේදී ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ කඩුලු 6 කින් සත්කාර ඉන්දියාව පරාජය කිරීමට සමත් වූහ.

ටේ‍රවිස් හෙඩ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 120 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.

ඉන්දීය පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 240 (රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 54, කේ. එල්. රාහුල් 66, සූර්යකුමාර් යාදේව් 18, මිචෙල් ස්ටාක් 55/3, පැට් කමින්ස් 34/2, ජොෂ් හෂල්වුඩ් 60/2) ඕස්ට්‍රේලියාව ඕවර 43 කදී කඩුලු 3 ට 241 (ටේ‍රවිස් හෙඩ් 137, මානස් ලැබුෂේන් නොදැවී 58, ජස්ප්‍රිට් බුම්රා 43/2)

Related Articles

Latest Articles