Tuesday, January 14, 2025

බිලියන 208ක මුදල් අච්චු ගහයි… ආර්ථිකය විනාසයි….

ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඊයේ (28) දිනයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් වටිනා මුදල් මුද්‍රණය කර ඇති බවයි. එය මෙරට ඉතිහාසයේ එක් දිනකදී මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා. පසුගිය සතියේදී මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටුවල වටිනාකම රුපියල් බිලියන 23 කි.

රජයට අහිමි වී ඇති බදු ආදායම හේතුවෙන්, අයවැය හිගය පියවා ගැනීම සඳහා මෙසේ මුදල් මුද්‍රණය කරන අතර එයට ආණ්ඩුව සතු එකම ආදායම් මාර්ගය බවට පත්ව තිබෙනවා.

රජයට හිමිවන වාර්ෂික ආදායමෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසුව වෙනත් කිසිවක් සඳහා මුදල් ඉතිරි නොවන බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළේ. පසුගිය වසරේ සමස්ත ආදායම වූ බිලියන 1373 න් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසුව ඉතිරි වූයේ රුපියල් බිලියන 321 ක් පමණි. ආණ්ඩුව විසින් ලබාගෙන ඇති ණය සඳහා වන පොළී වාරිකය පමණක් රුපියල් බිලියන 980 ක් වේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles