Friday, September 20, 2024

බීජ,පොහොර නිසි වෙලාවට නොලැබුණොත් එළවළු හිඟය මීටත් වඩා දරැණු වෙයි

පොහොර, බීජ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය නිසි වෙලාවට නොලැබුණහොත් එළවළු වගාව තවදුරටත් අඩපණවීමෙන් ලබන අප්‍රේල්,මැයි වනවිට රටේ මෙයට වඩා දැවැන්ත එළවළු හිඟයක් ඇතිවනු ඇතැයි නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශවල මහ පරිමාණ හා සුළු පරිමාණ එළවළු ගොවීන් පවසා තිබේ.

නුවරඑළියේ දැනට පවතින්නේ මාසයකට ප්‍රමාණවත් එළවළු තොගයක් පමණක් බවද වාර්තා වේ.

නුවරඑළියේ එළවළු වගාවට අවශ්‍ය පොහොරවලින් දැනට ලැබී ඇත්තේ සියයට 10ක පමණ ප්‍රමාණයක් පමණක් බව පවසා ඇති එම එළවළු ගොවීන් පවතින ප්‍රශ්න හමුවේ එළවළු ගොවීන්ගෙන් සියයට තිහක් පමණ දැනටමත් ගොවිතැනින් ඉවත්වී ඇතැයිද ප්‍රකාශ කර ඇත.

නුවරඑළියේ එළවළු වගාකරන ගොවීන් සංඛ්‍යාව 40,000ක් පමණ වන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසා ඇත්තේ සාමාන්‍යයෙන් උත්සව කාලවලදී දිනකට එළවළු කිලෝ හාරලක්ෂ පනස් දහසක් පමණ නුවරඑළියෙන් පිටතට යන නමුත් මෙවර උත්සව සමයේදී පිටව ගියේ එළවළු කිලෝ අසූ දහසක් පමණක් බවයි.

සාමාන්‍ය දිනයක එළවළු කිලෝ දෙලක්ෂ පනස්දහසක් පමණ නුවරඑළියෙන් පිටතට ගිය නමුත් මේ දිනවල පිටතට යන්නේ එළවළු කිලෝ පනස් දහසක් පමණක් බවද ඔහු සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles